හිමාලය ආශ්‍රිත කඳු තරණයට පැමිණි තායිවාන පෙම්වතුන් යුවළක් දින 47කට පසුව සොයාගෙන තිබුණත් ඒ වනවිටත් එම තරුණිය ජීවිතක්ෂයට පත්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.
21 හැවිරිදි ලියෑන්ග් ෂෙන්ග් යූහ් නමැති තායිවාන තරුණයා 19 හැවිරිදි ලියු චෙන්ක් චූන් නමැති තම පෙම්වතිය සමග කඳු තරුණයට පැමිණ ඇති අතර, ඔවුන් පොළෝ මට්ටමින් අඩි 8,500ක් පමණ ඉහළ නේපාලයේ ඩාහ්ඩින්ග් දිස්ත්‍රික්කයට අයත්, ට්ප්ලින්ග් ගම්මානය ආසන්නයේදී මෙසේ සොයාගෙන තිබේ.
මෙම තරුණයා මේ වනවිට කත්මණ්ඩු අගනුවර ග්‍රැන්ඩී ජාත්‍යන්තර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෛද්‍යවරු පවසන්නේ ඔහු ඉතා සෙමෙන් නමුත් වචන කිහිපයක් පිට කරන බවයි. තම පෙම්වතිය දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්වූ බව ඔහු වෛද්‍යවරු සමග පවසා ඇත.