ඉන්දියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් සැතපුම් සිය ගණනක් ගසාගෙන ගොස් බංග්ලාදේශයේ රැඳී සිටියදී බේරාගැනුණු ඇතින්න පසුව මියගිය බව ඉන්දීය මාධ්‍ය වර්තා කරයි.
මෙම ඇතින්න බේරාගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් ඉන්දියාවේ සිට බංග්ලාදේශය වෙත පැමිණි අතර, දින ගණනක් ජලයේ සිට ඇතින්න බේරාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක්ද සිදුකෙරිණි.
කෙසේ වෙතත්, සැතපුම් දහසකට වැඩිදුරක් ගංගාවක් ඔස්සේ ගසාගෙන විත් තිබූ ඇතින්න නිර්වින්නය කර බේරාගැනීමට උත්සාහ කිරීමේදී ඇතින්න ජලයේ ගිලී ඇති අතර, පසුව ගම්වැසියන්ගේද උදව් ඇතිව ඇතින්න බේරාගැනුණද එම සත්වයා පසුව මියගොස් තිබුණි.
දින ගණනාවක් ජලයේ සිටීමත්, ප්‍රමාණවත් තරම් ආහාරයක් නොමැති වීමත් ඇතින්න දුර්වල වීමට හේතු වී ඇති බව කියැවෙයි. කෙසේ වෙතත්, ඇතින්න මිය යෑමට හේතුව හෘදයා බාධයක් විය හැකි බවටත් පශු වෛද්‍යවරු සැක පහළ කරති.