ඔස්ට්‍රේලියාව තුළ දේශපාලනය කිරිමේදී ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට එම අවස්ථාව ලබානොදීමට නව නීතියක් එරට තුළ සම්මත වීමත් සමග ඔස්ට්‍රේලියානු සෙනට් මණ්ඩලයේ තවත් සාමාජිකාවකට ඊයේ (15දා) සිය ධුරයට ආයුබෝවන් කීමට සිදුවිය.
ජැකී ලැම්බී නම් වූ ඇය ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ජනපදය නියෝජනය කරමින් ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස තේරීපත් වූ අයෙකි.
මෙම මන්ත්‍රීවරියගේ පියා ස්කොට්ලන්තයේ උපත ලැබූවෙකු නිසා ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිභාවයද හිමිව තිබීම මෙම ව්‍යවුල් තත්ත්වයට හේතු වී තිබේ. කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් අඩක් පමණ විදෙස් රටක ඉපදුණු හෝ දෙමවුපියන් විදේශයක ඉපදුණු අය නිසා ඔවුන්ට නිතැතින්ම තවත් රටක පුරවැසිභාවයක්ද හිමිව තිබේ.
මේ තත්ත්වය මත මෙම නව නීතිය යටතේ යම් දේශපාලන ව්‍යවුලක් ඇතිවන බවටද බොහෝදෙනා චෝදනා නඟමින් සිටිති.