කාර්යාල පරිසරයක් තුළ කාන්තාවන්ගෙන් මාතෘත්වයට අදාළව, ඔවුන් දරුවන් බලාපොරොත්තු වන කාල සීමාව ආදී කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිදු නොවිය යුත්තක් බව නවසීලන්තයේ නව විරුද්ධ පක්ෂ නායිකාව අවධාරණය කරයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටියදී ඇය දරුවන් බලාපොරොත්තු වන්නේ දැයි නැගුණු ප්‍රශ්නයක් හමුවේ පිළිතුරු දෙමින් විපක්ෂ නායිකාව මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
37 වැනි වියෙහි පසුවන ජසින්ඩා ආර්ඩර්න් එරට කම්කරු පක්ෂයෙන් නායකත්වයට තේරීපත් වූයේ පසුගිය අඟහරුවාදා ඇන්ඩ්‍රෘ ලිට්ල් සිය ධුරයෙන් ඉවත්ව යාමත් සමගිනි.
ආර්ඩර්න් නවසීලන්තයේ කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වූ වඩාත් ළාබාලතම තැනැත්තිය මෙන්ම, කාන්තාවක ලෙස එම ධුරයට පත්වූ දෙවැන්නාද වෙයි.