දරුවන් දූෂණය කරන්නන්ට මාස හයක් තුළ දඬුවම් ඕනෑ


දරුවන් දූෂණයට ලක් කරන්නන් මාස හයක් ඇතුළත දැඩි දඬුවම් පැමිණවිය යුතු බව ඉන්දියාවේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රකට නීතිවේදිනියක පවසයි.

ස්වාති මලිවාල් මෙම යෝජනාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

23 හැවිරිදි වෛද්‍ය සිසුවිය බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්කර මරා දැමීමේ සිදුවීමෙන් පසුව ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ස්ත්‍රී දූෂණයට දැඩි දඬුවම් පැමිණවීමේ සමාජ නැගිටීමට වසර පහක් ගතවන මේ අවස්ථාවේදීවත් ඒ වගකීම ඉටුකළ යුතු බව ඇය පවසා තිබේ.

"පසුගිය වසර පහක කාලය පුරා කිසිවෙක් වෙනස් වෙලා නෑ. දිල්ලිය තවමත් ස්ත්‍රී දූෂණයේ අග නගරය බවටම පත්වෙලා. අවුරුදු හතක දැරියක අමානුෂික සමූහ දූෂණයකට ලක්වෙලා. අවුරුදු එකහමාරක තවත් බිළිඳියක දූෂණයට ලක්වෙලා. සෑම දිනකම කාන්තාවන් හය දෙනෙකුගෙන් තිදෙනෙකු අගනුවරදී දූෂණය වෙන මට්ටමට දිල්ලිය දූෂිත වෙලා" ඇය අවධාරණය කර තිබේ.

1_Dhilli



Recommended Articles