2017 දරුවන් ගැටුම්වලට මැදිව පීඩාවට පත් වසරලු


එක්සත් ජාතීන්ගේ දරුවන් වෙනුවෙන් වූ සංවිධානය වන යුනිසෙෆ් සංවිධානයේ නිල දත්ත වාර්තාවන්ට අනුව 2017 වසර යනු ලොව පුරා දරුවන් තැතිගන්වනසුලු ආකාරයෙන් ගැටුම්වලට මැදිව පීඩාවට පත්වූ වසර බව කියයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මෙම තොරතුරු දැක්වෙන අතර, මෙම දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා වහාම කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව එමගින් අවධාරණය කර තිබේ.

යුනිසෙෆ් සංවිධානයේ අධ්‍යක්ෂ මැනුවෙල් ෆොන්ටෙයින් පවසන්නේ දරුවන් තම නිවසේදී, පාසලේදී මෙන්ම, ක්‍රීඩා පිටියේදීද ගොදුරු බවට පත්ව ඇති බවයි.

මෙම අමානුෂිකකම් අලුතින් ඇතිවූ සාමාන්‍ය තත්ත්වයන් විය නොහැකි බවද ඔහු අවධාරණය කරයි.

පසුගිය වසරේදී දරුවන් වැඩි වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණදුන් ගැටුම්කාරී කලාප කිහිපයක්ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මධ්‍යම අප්‍රිකාවේ දරුවන් මරා දැමීම්, දුෂණය කිරීම්, පහරදීම් මෙන්ම හමුදා සේවයට බඳවා ගැනීම් පිළිබඳ වාර්තා වී තිබේ.

එමෙන්ම, ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයන් වන බොකෝ හරාම් ත්‍රස්තයන් නයිජීරියාවේ සහ කැමරූන් රාජ්‍යයේ දරුවන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යොදාගැනීම.

දකුණු සුඩානයේ බාල වයස්කරුවන් සහ දරුවන් 19,000ක් පමණ හමුදා සේවයට බඳවා ගැනීම.

යේමනයේ ගැටුම්වලට මැදිව දරුවන් 5,000ක් පමණ මියයෑම හෝ තුවාල වීම දක්වා සිටියත්, නිල නොලත් වාර්තාවන්ට අනුව මෙම අගිය අතිශයින් වැඩිවිය හැකි බව කියැවෙයි.

නැගෙනහිර යුක්රේනයේ දරුවන් 220,000ක් පමණ බිම්බෝම්බ සමග ජීවත්වීම මෙන්ම, පසුගිය කාලයේ රොහින්ග්‍යාවරු සමග පළාගිය දරුවන්ද මෙසේ ගැටුම්වලට මැදිවූ දරුවන් ලෙස එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

1_Conflict 2 3



Recommended Articles