දකුණු කොරියා භූ කම්පනය කඩඉම් විභාගයක් කල්දමයි


දකුණු කොරියාව මුහුණදුන් රික්ටර් පරිමාණ 5.4ක භූ කම්පනය හේතුවෙන් එරට විද්‍යාල පිවිසුම් විභාගයක් කොරියානු ඉතිහාසයේ ප්‍රථම වරට කල්දැමීමට බලධාරීන්ට සිදුව තිබේ.

මෙම කඩඉම් විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම, දෙමවුපියන්ද මාස කිහිපයක් පුරා සූදානම් වන බව කියැවෙයි.

දකුණ කොරියාවේ ගිණිකොණදිග වරාය නගරයක් වූ පොහැන්ග් ආසන්නයෙන් භූ කම්පනයේ අපිකේන්ද්‍රය වාර්තා වන අතර, ප්‍රධාන කම්පනයෙන් අනතුරුව පසු කම්පන රැසක්ද වාර්තා වී තිබුණි.

එරට භූ කම්පන ඉතිහාසය දෙස බලන විට දකුණු කොරියාවට බලපා ඇති දෙවැනි ප්‍රබලතම භූ කම්පනය ලෙස මෙය සැලකෙන අතර, භූ කම්පනයෙන් ජීවිත හානි නොවූවත් පුද්ගලයන් 57 දෙනෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම, භූ කම්පනය හේතුවෙන් උන්හිටිතැන් අහිමි පිරිස 1,500ක් පමණ වන බව විදෙස් වාර්තා පවසයි.

1_S Korea 2 3



Recommended Articles