දකුණු කොරියාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ-ඉන් ඉතා ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහනය ලැබීය. එරට නව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීම ඊයේ (09දා) පැවැත්වුණි.
ප්‍රකාශිත ඡන්ද අනුව 41.4% ක් මූන් ජේ-ඉන් වෙත හිමිවී ඇති අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් අපේක්ෂක හොන්ග් ජුන්-පිව් වෙත හිමි වී තිබුණේ 23.3% ක ප්‍රතිශතයක් පමණි. සිය ජයග්‍රහණයෙන් පසුව ඔල්වරසුන් නැඟූ ආධාරකරුවන් හමුවේ ඔහු පවසා සිටියේ තමන් සියලු දකුණු කොරියානුවන්ගේ ජනාධිපතිවරයා බවට පත්වන බවයි.
හිටපු දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගෙයුන් හියුට එරෙහිව ඉදිරිපත් වුණු දෝෂාභියෝගයෙන් ඇය පරාජයට පත්වීමෙන් අනතුරුව හිස් වූ ජනපති ධුරය සඳහා මෙවර ජනපතිවරණය පැවැත්විණි.
සිය පාලන කාලය තුළදී මූල්‍ය අක්‍රමිකතා සඳහා උදව් ලබාදීම යන චෝදනාව යටතේ ඇයට මෙම දෝෂාභියෝගය ඉදිරිපත් විය. එහිදී ජනතාව වීදි බසිමින් ජනපතිනිය ධුරයෙන් ඉවත් විය යුතු බවට උද්ඝෝෂණ පවා සිදු කළහ.