දකුණු කොරියානු මිසයිල ආරක්ෂණ පද්ධතිය සූදානම්


දකුණු කොරියාවේ ස්ථාපිත කර ඇති මිසයිල ආරක්ෂක පද්ධතිය තව නොබෝ දිනකින් සක්‍රීය කරන බවත්, අනතුරුව උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරන බවත් ඇමෙරිකාව පවසයි.

උතුරු කොරියානු හමුදා ශක්තිය පසුගිය කාලය පුරා ප්‍රදර්ශනය කිරීමත් සමග ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් මෙම පියවර ගෙන තිබේ.

මෙම තාඩ් මිසයිල පද්ධතිය 2017 අවසන් වනතෙක් සක්‍රීය නොකරනු ඇති බව පැවසුණේ, මේ තත්ත්වය තුළ දකුණු කොරියාව නිරායාසයෙන්ම උතුරු කොරියාවේ ඉලක්කයක් බවට පත්වනු ඇති බවට එරට ජනතාව විරෝධය දැක්වීම නිසාය.

කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ උතුරු කොරියාව දිගින් දිගටම සිය මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන්නට විය. ඒ අනුව, ඇමෙරිකාව සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය කඩිනමින් සක්‍රීය කිරීමට සූදානමින් සිටින බව පැවසෙයි.



Recommended Articles