දකුණු කොරියානු ජනපතිට එරෙහිව නත්තල් සීයලාත්


දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන් හයි වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා නත්තල් සීයා ඇඳුමින් සැරසුණු දහස් සංඛ්‍යාත ජනතාව සෝල් නගරයේ වීදි බැස සිටි බව විදෙස් වාර්තා පවසයි.

මිත්‍ර සංග්‍රහයක් හේතුවෙන් විවාදයට තුඩුදී ඇති ජනාධිපතිනිය සම්බන්ධයෙන් නව වැනි සතියටත් මේ ආකාරයේ දැවැන්ත රැලියක් නත්තල් සිරියද සමග පැවතීමත් විශේෂත්වයකි.

එරට පාර්ලිමේන්තු දෝෂාභියෝගයෙන්ද ජනාධිපතිනිය පරාජයට පත්වුවත්, එම පාර්ලිමේන්තු තීරණය ව්‍යවස්ථා අධිකරණය විසින්ද සම්මත කළ යුතු නිසා මේ ආකාරයෙන් ජනපතිනිය තවදුරටත් බලයේ රැඳී සිටියි.

නමුත්, ජනතාව කියා සිටින්නේ ඇය වහාම ධුරයෙන් ඉවත් විය යුතු බවයි. මෙම විරෝධතාව සඳහා 550,000ක් ඉක්මවූ පිරිසක් සහභාගී වූ බව සංවිධායකයෝ පවසති.



Recommended Articles