දකුණු කොරියානු යාත්‍රා අනතුරේ අතුරුදන් වූවන් සෙවූ කිමිඳුම්කරුවෙක් මියයයි


දකුණු කොරියාවේදී අනතුරට පත්ව මුහුදුබත් වූ සෙවොල් යාත්‍රාවේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සෙවීමේ කාර්යයේ යෙදී සිටි සිවිල් කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

බලධාරීන් පෙන්වා දෙන පරිදි 53 හැවිරිදි මෙම පුද්ගලයා ලී යනුවෙන් හැඳිගෙන ඇති අතර, කිමිදීමෙන් පසුව සිහිමුර්ජා තත්ත්වයෙන් පැමිණි ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙවොල් යාත්‍රාවේ අතිශය දුෂ්කර සෝදිසි මෙහෙයුම්වල නිරත වී සිටින කිමිඳුම්කරුවන් අතරින් අනතුරකට පත් ප්‍රථම කිමිඳුම්කරුවා ඔහුය.

පසුගිය අප්‍රේල් 16 වැනිදා දකුණු කොරියාවේ ජේජු දූපත් වෙත පුද්ගලයන් 476 දෙනෙකු සමග ගමන් කරමින් සිටියදී අනතුරට පත් මෙම යාත්‍රාවේ සිටියවුන්ගෙන් දිවි ගලවාගනු ලැබුවේ පුද්ගලයන් 174ක් පමණි.



Recommended Articles