දකුණු අප්‍රිකා ජනපතිට බලයෙන් ඉවත් වන්නැයි පක්ෂය බලකරයි


දකුණු අප්‍රිකාවේ වත්මන් ජනපති ජේකොබ් සූමාට බලයෙන් ඉවත් වන ලෙස ඔහු නියෝජනය කරන ඒ.එන්.සී පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයන් බල කරන බව විදෙස් වාර්තා පවසයි.

පක්ෂ සාමාජිකයන් හා ජනපතිවරයා අතර පවතින සාකච්ඡා මාධ්‍යයට අනාවරණය නොවුණත්, අද (05දා) දිනයේදීද හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජනපති සූමාට එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී හෙතෙම ඒ.එන්.සී. පක්ෂ නායකත්වයෙන්ද ඉවත් කරමින් ඒ වෙනුවට සිරිල් රාමෆෝසා පක්ෂ නායකත්වයට පත්කර ගැනුණි.

ලබන වසරේදී පැවැත්වෙන මැතිවරණයට පෙර පක්ෂය දෙකඩවීම වැළැක්වීම සඳහා වත්මන් ජනපතිවරයාට බලයෙන් ඉවත් වන ලෙස පක්ෂ ජ්‍යෙෂ්ඨතමයන් බල කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

1_S Africa



Recommended Articles