දකුණු අප්‍රිකානු ජනපතිට දූෂණ චෝදනා 783ක්


දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා දූෂණ, වංචා, ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීම් ආදී චෝදනා හමුවේ අධිකරණයට ඉදිරිපත් විය යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා දූෂණ සිදුවීම් 783කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ බවට පහළ අධිකරණයක තීන්දුව සලකා බලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදුකර තිබේ.

කෙසේ වෙතත්, සූමා ජනාධිපතිවරයා මෙම චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, නිවේදනයක් නිකුත් කරන ජනාධිපති කාර්යාලය පවසා ඇත්තේ මෙම තීන්දුව සම්බන්ධයෙන් කනගාටුවක් පැවතියත්, මෙවැනි නියෝගයක් බලාපොරොත්තුවෙන් සිටි බවයි.

1_S Africa



Recommended Articles