දකුණුදිග පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්


දකුණුදිග පිලිපීනයේ මින්ඩනාඕ දූපත ආශ්‍රිතව රික්ටර් පරිමාණ 5.9ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භු විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මේ අතර, යුරෝපීය මධ්‍යධරණී භූකම්පන ආයතනය විසින් මෙය රික්ටර් පරිමාණ 5.7ක භූ කම්පනයක් ලෙස දක්වා තිබේ.

මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළෝ අභ්‍යන්තරයේ කිලෝමීටර් 12.4ක් ගැඹුරින් වාර්තා වී ඇති අතර, ඉන් සිදුව ඇති ජීවිත හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

එමෙන්ම, සුනාමි අනතුරු ඇඟවීමක්ද මෙතෙක් සිදුව නොමැති බව කියයි.

භූ කම්පනය ඇති වූ ස්ථානයේ සිට කිලෝමීටර් 200ක් දුරින් වූ දවාඕ නගරය පිහිටා ඇති අතර, එය මිලියන 1.2ක පමණ ජනතාවක් වෙසෙන පසුගියදා බෝම්බ පිපිරීමටද හසුවූ නගරයයි.

මීට අමතරව, භූටුආන්, ටගුම්, බිස්ලිග් හා මාටි යන නගරවලටද භූ කම්පනය තදින් දැනී ඇති බව වාර්තා වෙයි.



Recommended Articles