IS ඉස්ලාම් රාජ්‍ය ඇතුළු තවත් ත්‍රස්ත සංවිධාන තම කණ්ඩායම් වෙත අරමුදල් රැස්කිරීම සඳහා යුරෝපය වෙත අනවසර සංක්‍රමණිකයන් යැවීමේ මිනිස් ජාවාරමක යෙදෙන බව ඉතාලි බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
2014 වසරේදී ඉරාකය හා සිරියාව ආක්‍රමණය කළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට මේ වනවිට ඔවුන් අත්පත් කරගත් භූමියෙන් විශාල කොටසක් අහිමිව යෑමත් සමග, ඔවුන් විසින් සිදුකළ තෙල් ජාවාරම් ඇණ හිටීම නිසා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව සඳහන් වේ.
මෙම තෙල් ජාවාරම්වලට අමතරව ජිහාඩ් සංවිධානවල සෙසු මූල්‍ය උත්පාදන මාර්ගයන් වූයේ අධික බදු පැනවීම, කප්පම් ගැනීම, පුරාවස්තු විකිණීම ආදී ක්‍රියාවන්ය.
කෙසේ වෙතත්, රුසියාව හා ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ප්‍රහාර සමග ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ප්‍රකාශයට පත්කළ ඉස්ලාම් රාජ්‍යයේ භූමිය විශාල වශයෙන් ඔවුන්ට අහිමිවීම නිසා තෙල් ජාවාරමෙන් නොලැබෙන ආදායම් වැඩිකර ගැනීමට එම ත්‍රස්ත නායකයෝ මෙවැනි විකල්ප ක්‍රම වෙත යොමුවී ඇති බවද ඉතාලි බුද්ධි අංශ වැඩිදුරටත් පවසයි.