තෙලන්ගනාව බෙදීමට එරෙහිව අන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති ඉල්ලා අස්වේ


ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය බෙදාවෙන් කරමින් තෙලන්ගනා නමින් නව ප්‍රාන්තයක් බිහිකිරීමට විරෝධය පාමින් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරයා  සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කිරන් කුමාර් රෙඩ්ඩි නමැති ප්‍රධාන අමාත්‍යවරයා තමන් නියෝජනය කරන කොංග්‍රස් පක්ෂයෙන්ද ඉල්ලා අස්වී ඇති අතර, නව පක්ෂයක් බිහිකරන බවද කියා තිබේ.

විරෝධතා මධ්‍යයේ ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළමන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ දිනයේ සම්මත කර ගැනීමෙන් පසුව ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ඉල්ලා අස්විය.



Recommended Articles