තුර්කියේ රාජ්‍ය නායකයා තෝරාපත් කරගැනීම වෙනුවෙන් ප්‍රථම වරට එරට පැවැත්වූ මහජන ඡන්දයෙන් තේරීපත් රිසෙප් තයීප් එර්ඩෝගන් තුර්කි ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පත්වීම පසුගියදා සිදුවිය.
තුර්කි අගමැතිවරයා ලෙස ධුර කාල තුනක් සිය සේවය ලබාදුන් එර්ඩෝගන් මීට පෙර නාමික ධුරයක් ලෙස පැවති ජනාධිපති ධුරයට වැඩි බලතල ලබාදෙන බවද පවසා සිටියේය.
නමුත්, මේ තත්ත්වය තුළ ඔහුට චෝදනා එල්ල වන්නේ තම අගමැති ධුර කාලයන්ගෙන් පසුවත් ඒකාධිපති පාලනයක් වෙනුවෙන් රට තල්ලු කිරීමට ඔහු ජනාධිපති ධුරයේ බලතල වැඩිකිරීමට කටයුතු කරන බව පවසමිනි.
මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා නිල වශයෙන් පත්විම් ලබන උත්සවයෙන් පවා එරට විරුද්ධ පක්ෂ ඉවත්ව ගියේය.
මේ අතර, ධුරයෙන් ඉවත්ව යන එරට විදේශ කටයුතු අමාත්‍ය අහ්මට් ඩවුටෝග්ලු එරට අගමැතිවරයා ලෙස තෝරාපත් කරගෙන තිබේ.