තුර්කි ජනාධිපති රිසෙප් තයේප් එර්ඩෝගාන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග තෙල් ජාවාරමේ නිරත බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි.
රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ඇනටෝලි ඇන්ටනෝව් පවසන්නේ සිරියාවෙන් හා ඉරාකයෙන් ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් සොරකම් කරන ලද ඉන්ධන මිලදී ගන්නා ප්‍රධානතම රාජ්‍ය තුර්කිය බවයි.
කෙසේ වෙතත්, රුසියාවේ මෙම චෝදනාව ඔප්පු කළහොත් තමා සිය ධුරයෙන් ඉවත් වන බව තුර්කි ජනාධිපතිවරයා පවසා තිබුණි.
රුසියානු ප්‍රහාරක යානයක් තුර්කිය විසින් බිම හෙළීමත් සමග දෙරට අතර පැනනැගී ඇති මතභේදකාරී වාතාවරණය මේ වනවිට දෙරට අතර සම්බාධක දැමීම දක්වා වර්ධනය වී තිබේ.