තුර්කියේ, ඉස්තාම්බුල් අගනුවර සාබිහා ගොක්සෙන් ගුවන් තොටුපොළේ ගුවන් පථය ආශ්‍රිතව සිදුවූ පිපිරීමක් හේතුවෙන් ගුවන් තොටුපොළ පිරිසිදු කිරීමේ සේවිකාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී එම කාන්තාව පෙගාසස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිරිසුදු කරමින් සිට ඇති අතර, ඇගේ සහායිකාව මෙම පිපිරීමෙන් තුවාල ලබා තිබේ.
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසන ආකාරයට පිපිරීමට හේතුව පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.