තුර්කිය යුරෝපා සංගමය සමග එකතුවීමේ වැඩපිළිවෙළෙහි කිසිදු ආකාරයක වර්ධනයක් දැකගත නොහැකි බව ප්‍රංශ ජනපති විසින් ප්‍රංශයේ සංචාරයක නිරත තුර්කි ජනපතිවරයාට පවසා තිබේ.
නායක දෙපළ විසින් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම තොරතුරු ආනාවරණය වී ඇති අතර, 2016 වසරේ තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය හමුවේ මානව හිමිකම් චෝදනා රැසක් තුර්කිය වෙත එල්ල වී ඇති බවද ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් කියා ඇත.
කෙසේ වෙතත්, මෙම මාධ්‍ය හමුවේදී තුර්කි ජනපති රිසෙප් තයේප් එර්ඩෝගාන් පවසා ඇත්තේ යුරෝපා සංගමය සමග එක්වීම සඳහා තුර්කිය අඛණ්ඩ ප්‍රයත්නයක යෙදී සිටින බවයි.
මේ අතර, සිරියාව වෙත තුර්කිය ආයුද ලබාදෙන බවට මාධ්‍යවේදියෙකු විසින් අසනලද ප්‍රශ්නය එකහෙළා ප්‍රතික්ෂේප කළ තුර්කි නායකයා පවසා ඇත්තේ ඇතැම් මාධ්‍ය 2016 හමුදා කුමන්ත්‍රණට සම්බන්ධ පාර්ශ්ව සේ කටයුතු කරන බවයි.