තුර්කියේ ස්ථාන රැසක විදුලි බිඳ වැටීමක්


තුර්කියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමක් වාර්තා වන බවත්, එරට එදිනෙදා කටයුතු රැසක් මේ හේතුවෙන් ඇණහිට ඇති බව වාර්තා වෙයි.

විදුලිය ඇණ හිටීම හෙතුවෙන් එරට පොදු ප්‍රවාහන සේවා අඩාල වී ඇති අතර, ඉස්තාම්බුල් නගරයේ ට්‍රෑම් සහ මෙට්‍රෝ ප්‍රවාහන පද්ධතියද සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී ඇති බව වාර්තා වෙයි.

එරට බලශක්ති අමත්‍යාංශය විසින් මේ සඳහා කඩිනම් විසඳුම් සේවීමට කමිටුවක් රැස්වී ඇති බවද වාර්තා වෙයි.

අඟහරුවාදා උදෑසන සිදුවූ මෙම විදුලි බිඳ වැටීම ත්‍රස්ත ක්‍රියාවක්ද යන්න සොයා බැලීමටද පරීක්ෂණ සිදුවන බව කියැවෙයි.



Recommended Articles