තුර්කියේ ප්‍රබල කාර් බෝම්බ දෙකක් පුපුරා යයි - 6 ක් නසී


තුර්කියේ නගර දෙකක් තුළ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 219 දෙනෙකු තුවාල ලබා තිබේ.

පළමු ප්‍රහාරය නැගෙනහිර තුර්කියේ වැන් නගරයේ පොලිස් ස්ථානයක් ඉලක්ක කර ඇති අතර, එහිදී එක් පොලිස් නිලධාරියෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 73 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් පැය කිහිපයකට පසුව දෙවැනි ප්‍රහාරය එලාසිග් නගරයේ පොලිස් ස්ථානය ඉලක්ක කර එල්ල වී ඇති අතර, එම ප්‍රහාරයෙන්ද පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 146 දෙනෙකු තුවාල ලබා තිබේ.

කුර්දි පී.කේ.කේ. සටන් කණ්ඩායම මෙම ප්‍රහාරය පිටුපස සිටින බවට තුර්කි රජය චෝදනා කරයි.



Recommended Articles