ජීවිත 260ක් අහිමි කරමින්, තවත් 2,196කට තුවාල සිදුකරමින් තුර්කියේ පාලනය පෙරළීම සඳහා සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට වසරක් සපිරෙයි.
තුර්කි ජනපති රෙසිප් තයේප් එර්ඩෝගාන්ගේ පාලන බලය අල්ලා ගැනීම සඳහා එරට ආරක්ෂක හමුදාවන්ගෙන් කොටසක් මෙම හමුදා කුමන්ත්‍රණය සිදුකිරීමට උත්සාහ කළේය.
නමුත්, එවකට තුර්කි ජනාධිපතිවරයාට සහයෝගය දක්වන්නන් නැගී සිටීම නිසා හමුදා කුමන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ විය.
ඒ අනුව, මෙම අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සමරනු වස් අද (15දා) ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව දැවැන්ත ජන රැළියක්ද පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම, මෙම දිනය වාර්ෂික නිවාඩු දිනයක් ලෙසද මේ වනවිටත් ප්‍රකාශයට පත්කර තිබුණි.
ඉස්තාම්බුල් නුවර ප්‍රධාන රැළියට ජනපතිවරයා සහභාගි වන අතර, මෙය ජනතාව විසින් එදා කුමන්ත්‍රණයට සහභාගී වූ හමුදාවන් මුහුණට මුහුණ හමුවූ බොස්ෆොරස් පාලම ආසන්නයේ පැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත්, මෙම හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මේ දක්වා වත්මන් තුර්කි රජය විසින් එරට වෘත්තිකයන් 15,000කට වැඩි පිරිසක් සිය ධුරයන්ගෙන් ඉවත්කර ඇත.
මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට දැඩි විවේචන එල්ල වුවත්, මෙම හමුදා කුමන්ත්‍රණයට සහභාගී වූවන් මුලින්ම උදුරා දැමීමේ ප්‍රයත්නයක තම රට නිරතව සිටින බව තුර්කිය කියයි.
නමුත්, මෙහිදී සැබෑවටම හමුදා කුමන්ත්‍රණයට සහභාගී වුවන්ට වඩා රජයේ විරුද්ධවාදීන් දඩයමක තුර්කිය නිරතව සිටිමින්, එරට විපක්ෂය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමේ ක්‍රියාදායක් ක්‍රියාවට නැංවෙන බවටද චෝදනා නැගෙයි.