තිරසාර සංවර්ධනය-දේශගුණික විපර්යාස මෙවර G20 ප්‍රමුඛතායි


තිරසාර සංවර්ධනය ඇතුළත් වැඩපිළිවෙලක් කෙරෙහි මෙවර G20 සමුළුවේදී අවධානය යොමු කරන බවත්, ලෝක දේශගුණික විපර්යාස පාලනය කරගැනීම පිළිබඳ මාතෘකාව ඇතුළු තවත් කරුණු රැසක් එම න්‍යාය පත්‍රයට ඇතුළත් බවත් ජර්මානු චාන්සලර් අන්ජෙලා මර්කෙල් අවධාරණය කරයි.

දියුණු කාර්මික රටවල නායකයන් සහභාගී වන G20 සමුළුව ජර්මනියේ, හැම්බර්ග් නගරයේදී ලබන සිකුරාදා (07දා) ආරම්භ වීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත්, මෙවර සමුළුව ආරම්භ වන සතියේ මේ වනවිටත් විරෝධතා රැලි කිහිපයක්ම පැවැත්වෙන බවත්, ලෝක වෙළෙඳ රටාවේ වෙනසක් සිදුකිරීම, දුප්පත්කම පිටුදැකීම, දේශගුණික විපර්යාස පාලනය කිරීම මෙම විරෝධතාවන්ගේ ප්‍රධාන මාතෘකා වී තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙවර G20 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මුහුණට මුහුණ හමුවීමද විශේෂත්වයක් වන අතර, මෙය ලෝක දේශපාලනයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සිදුකරන සමුළුවක් විය හැකි බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



Recommended Articles