තාවකාලික රජයක ජනපති ධුරය දරනවා - කොම්පැඕරේ


ජනපති ධුරයෙන් ඉවත් වන ලෙසට දැඩි විරෝධතාවක් රට තුළින් පැන නැගුණත්, තමන් තාවකාලික රජයක් යටතේ වසරක කාලයක් බලයේ සිටින බව බුර්කිනා ෆාසෝ ජනාධිපති බ්ලෙයාසේ කොම්පැඕරේ පවසා තිබේ.

වසර 27ක කාලයක් බුර්කිනා ෆාසෝ රජයේ ජනපති ධුරය හොබවා ඇති ඔහු ව්‍යවස්ථා සංශෝධනයකින් තම ධුර කාලය වැඩිකිරීමට උත්සාහ කිරීමේදී ජනතාව කුපිත වී ඊයේ එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීමක්ද සිදුකර තිබුණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ බටහිර අප්‍රිකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොහොමඩ් ඉබ්න් චම්බාස් ලබන සිකුරාදා බුර්කිනා ෆාසෝ වෙත ගමන් කරමින් එරට ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය සමනයකට පත් කිරීමට කටයුතු කරනු ඇති බවයි.

 

 



Recommended Articles