ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි නුවර තාවකාලික මාංශ තහනමක් හේතුවෙන් මහාරාශ්ට්‍ර ප්‍රාන්ත රජයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
එළු, කුකුල් හා උරු මස් සඳහා මෙම තාවකාලික තහනම 10 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුනේ ජෛන ආගමික උත්සවයක් වන පර්යූශන උත්සවය වෙනුවෙනි.
එහිදී, බී.ජේ.පී. ප්‍රමුඛ ඒකාබද්ධ ප්‍රන්ත රජයේ ෂිව සේනා පක්ෂයද මීට විරද්ධව අදහස් දක්වා ඇති අතර, එරට පුවත්පත් රජයෙන් ඉල්ලා ඇත්තේ ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් රජයේ අනවශ්‍ය අතපෙවීමක් නොකරන ලෙසයි.