තායි මැතිවරණය පමා කළ හැකි බව අධිකරණය කියයි


එළැඹෙන පෙබරවාරි 02 වැනිදා පැවැත්වීමට නියමිත තායිලන්ත මැතිවරණය නෛතික වශයෙන් කල් දැමීමේ හැකියාවක් පවතින බව එරට ව්‍යවස්ථා අධිකරණය පෙන්වා දෙයි.

නමුත්, එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කවරාකාර හෝ කල් දැමිමක් සිදුකරන්නේ නම් ඊට මැතිවරණ කොමිසමේ සහ අගමැතිවරියගේ අනුමැතිය අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මැතිවරණය කල්දැමිය යුතු බව තායිලන්ත මැතිවරණ කොමිසමේ ස්ථාවරය වුවත්, කලින් නියම කරගත් ආකාරයටම මැතිවරණය පැවැත්විය යුතු බව තායි රජය තරයේ කියා සිටියි.

මේ වනවිට තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා බලයෙන් ඉවත්විය යුතු යැයි පවසමින් රට තුළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් වෙමින් පවතී.



Recommended Articles