තායිවාන ගුවන් අනතුරට හේතුව අයහපත් කාලගුණය


තායිවාන මගී ගුවන් අනතුරින් මියගිය පිරිස මේ වනවිට 48 දක්වා ඉහළ ගොස් ඇති බවත්, අයහපත් කාලගුණය මෙම ගුවන් අනතුරට හේතුව බවත් මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

පුද්ගලයන් 58 දෙනෙකු රැගෙන යමින් සිටි මෙම යානය මැගොන්ග් ගුවන් තොටුපළ වෙත ගොඩබෑමේ අවස්ථාවේදී නිවාස කිහිපයක් මතට කඩා වැටී ඇති බව කියැවෙයි.

එමෙන්ම, ඉතිරි පුද්ගලයන් 10 දෙනා මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති බව කියැවෙයි.

මියගිය පිරිස අතර ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකුද වන අතර, කාර්ය මණ්ඩලයේ කිසිවෙකු දිවි බේරාගෙන නොමැති බවද කියැවෙයි.

 



Recommended Articles