තායිලන්තයේ හමුදා පාලනය විසින් පසුගිය මැයි මාසයේදී එරට බලය අල්ලා ගැනීමත් සමග තායිලන්තය පුරා මානව අයිතිවාසිකම් කඩවීම් පැතිරෙමින් පවතින බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
හමුදා පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නීතියට පටහැනිව පුද්ගලයන් අත්අඩංගුවේ රඳවා ගැනීම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන රෙගුලාසි සහ කිසිදු වග විභාගයකින් තොරව පුද්ගලයන් විවිද වදහිංසාවලට ලක් කිරීමේ සිද්ධි හමුදා පාලනයත් සමග ඉහළ ගොස් ඇති බවට එම සංවිධාන චෝදනා කරයි.