තායිලන්තයේ අගනුවර හමුදා රෝහලක සිදුවූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
තායිලන්තයේ සේවයේ නියුතු හා විශ්‍රාමික හමුදා නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බැංකොක් නුවර ඇති ෆ්‍රාමොන්ග්කුට්ක්ලාඕ රෝහලේදී මෙම කුඩා බෝම්බය පුපුරා ගොස් තිබේ.
2014 වසරේදී තායිලන්තයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට වසර තුනක් පිරෙන අවස්ථාවේදී මෙම බෝම්බය පුපුරා යාමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය පිටුපස කවුරුන් සිටින්නේද යන්න පැහැදිලි නොවන බව පවසන තායිලන්ත පොලීසිය, රෝහලේ ඖෂධාලයේ රැඳී සිටීමේ කාමරය තුළ බෝම්බය පිපිරී ඇති බව පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ වැඩි දෙනා සුළු තුවාල ලබා ඇති අතර, පුද්ගලයන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.