තායිලන්ත වැඩබලන ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයට කඳුළු ගෑස්


තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රා බලයෙක් පහ කර දෙවැනි දිනය දා තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය විසින් බැංකොක් අගනුවර මෙහෙය වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේය.

මෙම උද්ඝෝෂණය වෙනුවෙන් සිය ගණනක් වූ උද්ඝෝෂකයන් පැමිණ සිටි අතර, ඔවුහු නගරයේ රජයේ ගොඩනැගිලි ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.

එහිදී උද්ඝෝෂකයන් බලහත්කාරයෙන් රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙසේ පොලිස් ප්‍රහාරයට ලක්විය.

අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා ඇතුළු කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහ කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් දින දෙකකට පසුව ප‍්‍රධාන විපක්ෂය මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුනේ වැඩ බලන ආණ්ඩුවද ඉවත් කළ යුතු බවට බල කරමිනි.

හිටපු අගමැතිවරිය සහ කැබිනට් ඇමතිවරුන් පිරිස බලය යුතු ලෙසින් යොදා ගැනීමේ චෝදනාවට වැරදිකරවන් බව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දු කළේය.



Recommended Articles