තායිලන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නැවත ඇරඹේ


තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත්‍රා ධුරයෙන් ඉවත්ව විය යුතු බව පවසමින් දස දහස් සංඛ්‍යාත උද්ඝෝෂකයෝ නැවතත් බැංකොක් අගනුවර වීදි ඔස්සේ පෙළපාළි ඇරඹීම ඊයේ දිනයේ සිදුවිය.

තායිලන්තයේ බැංකොක් අගනුවර ප්‍රධාන උයනෙන් ගමන් ආරම්භ කළ පෙළපාලිකරුවෝ තායිලන්ත ධජ ලෙලවමින් වීදි කීපයක් ඔස්සේ පෙරට පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

මෙම විරෝධතා පාගමන සිදු කෙරුණේ තායිලන්ත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්දය පැවැත්වීමට සූදානමින් පවතින අවස්ථාවේය.

පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුණු තායිලන්ත මහමැතිවරණය නීත්‍යනුකූල නොවන බව එරට උසාවියක් විසින් මාර්තු මාසය මුලදී තීන්දු කෙරිණි. එම තීන්දුවෙන් පසුව බැංකොක් අගනුවර දියත් කෙරුණු දැවැන්තම මහජන විරෝධතා ව්‍යාපාරය මෙසේ ඊයේ ආරම්භ විය.

 



Recommended Articles