තායිලන්ත රජු ප්‍රසිද්ධියේ පෙනී සිටී


තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේව් රජු පසුගියදා ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර, ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙය අතිශය දුර්ලභ අවස්ථාවක් බවට පත්විය.

රූපවාහිනිය ඔස්සේ සඳුදා ප්‍රසිද්ධියේ පෙනී සිටි රජතුමා එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පිරිසක් දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වි සිටියේය.

පෙනහලු ආසාධනයක් හේතුවෙන් රජතුමා ප්‍රතිකාර ලබමින් සිටි අතර, රජුගේ 88 වැනි උපන්දිනයද පසුගියදා සමරනු ලැබිණි.



Recommended Articles