තායිලන්ත අර්බුදය තවත් උග්‍ර අතට හැරෙන ලකුණු


තායිලන්තයේ අර්බුදකාරී වතාවරණය තවමත් නිමාවක් දැක නොමැති බව ප්‍රකට කරමින්, තායිලන්තයේ භාරකාර අගමැතිනි යින්ග්ලක් ෂිනවත්‍රා වෙනුවෙන් සහයෝගය පළ කරන දැවැන්ත රැළියක් බැංකොක් අගනුවර සංවිධානය කර තිබුණි.

අගමැතිනියගේ රජය පෙරළා දැමීමේ අරමුණින් මාස කිහිපයක් පුරා බැංකොක් නුවර පැවති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හා විරෝධතා රැළි හමුවේ යින්ග්ලක් ෂිනවත්‍රාට ජනතා සහාය පවතින බව ප්‍රකට කිරීමට දින දෙකක මෙවැනි දැවැන්ත රැළියක් සංවිධානය කර තිබුණු බව විදෙස් පුවත් සේවා පවසයි.

කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරි මාසයේ පැවති තායිලන්ත මහමැතිවරණය අවලංගු කරමින් තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මාර්තු මාසයේ තීදුවක් ලබාදුන් අතර අගමැතිවරියගේ බලතල එමගින් සීමා කරනු ලැබුණි.

මේ අතර, විපක්ෂය ප්‍රමුඛ තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ ඉලක්කය වී ඇත්තේ යින්ග්ලක් ෂිනවත්‍රා නායකත්වය දෙන ආණ්ඩුව පෙරලා දැමීමය.

තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ තක්ෂින් ෂිනවත්‍රාගේ සහෝදරිය වන යින්ග්ලක් වෙත ජනතා අප්‍රසාදය වැඩි වූයේ ඇය සිය සහේදරයාගේ රූකඩයක් බවට පත්වෙමින් සිටින බවට ප්‍රතිරෝධයක් රට තුළින්ම ඇතිවීමත් සමගය.

දූෂණ චෝදනාවන් රැසකට සම්බන්ධ යැයි කියන හිටපු අගමැති තක්ෂින් මෙන්ම යින්ග්ලක්ද ඒ මග ගනිමින් සිටි බවට චෝදනා එල්ල විය.

 



Recommended Articles