යුරෝපයේ සරණාගත අර්බුදයට ලබාදී ඇති විසඳුම් වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර අවශ්‍ය බව යුරෝපා කොමිසමේ සභාපති ජීන්-ක්ලවුඩේ ජන්කර් පවසයි.
ඒ අනුව, ඉදිරිපත් කර ඇති යෝජනා අනුව තවත් සරණාගතයන් 120,000ක් යුරෝපා සංගමයට අයත් රටවල කෝටා ක්‍රමයට බෙදාගැනීම දක්වා තිබේ.
පසුගිය දින කිහිපයේදී උතුරු යුරෝපය වෙත තවත් දහස් ගණන් සංක්‍රමණිකයන් වැලනොකැඩී පැමිණීම මෙම යෝජනා ඉදිරිපත් කිරීමට හේතු වී ඇත.
මෙය භීතියක් හෝ තැතිගැන්මක් ඇතිකරගත යුතු තත්ත්වයක් නොවන බව යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් ජන්ගර් පවසා ඇත.