පාකිස්තානයේ පේෂාවර් නුවර ජීවිත 140ක් බිලි ගනිමින් පාසලක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එම පාසල වෙත පසුගියදා නැවත විවෘත වූ බව එරටින් වාර්තා වෙයි.
තලේබාන් අන්තවාදීන් විසින් සිදුකළ මෙම ප්‍රහාරයෙන් මිය ගිය ගුරුවරු හා සිසු සිසුවියන් සිහිපත් කරමින් විශේෂ උත්සවයක්ද පාසලේ පැවති බව කියයි.
දෙසැම්බර් 16 වැනිදා සිදුවූ ඒ ඛේදජනක ප්‍රහාරයෙන් පසු රට පුරා වසා දැමුණු පාසල් යළි විවෘත කළ බවද වාර්තා වෙයි.
පසුගිය වසරේ ජූනි මාසයේදී උතුරුදිග වසිරිස්ථාන් පළාතේ තලේබාන් ඉලක්ක වෙත පාකිස්තාන රජය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බව පසුව තලේබාන් සංවිධානය පවසා තිබුණි.
තලේබාන් ප්‍රහාරයට ලක්වූ පාකිස්තාන පාසල යළි විවෘත වේ
Recommended Articles