තලේබාන් සංවිධානයේ අභ්‍යන්තර වෙඩි හුවමාරුවක් හේතුවෙන් තලේබාන් නායක මුල්ලාහ් අඛ්තාර් මන්සූර් මියගිය බවට පැතිර යන කතාව සනාථ කිරීමට සාක්ෂි නොමැති බව ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා පවසයි.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ මුල්ලාහ් මන්සූර්ගේ යැයි පවසමින් තලේබාන් සංවිධානය විසින් මෙම කටකතාව සාවද්‍ය බවට හඬ පටයක් නිකුත් කිරීමෙන් පසුවය.
තලේබාන් සංවිධානයේ හිටපු නායක මුල්ලාහ් ඕමාර් 2013 වසරේදී ඝාතනය වූ බව පිළිගනිමින්, එම සංවිධානය විසින් පසුගිය ජූලි මාසයේදී මුල්ලාහ් මන්සූර් සංවිධානයේ නායකයා ලෙස පත්කර ගත්තේය.