ඇමෙරිකාව සමග වූ ආරක්ෂක ගිවිසුම් අවලංගු කර විදෙස් හමුදා රටින් යවන්නේ නම් රජය සමග සාකච්ඡාවකට සූදානම් බව ඇෆ්ගන් තාලේබාන් නායකයා ඉඟි පළ කර ඇත.
මුල්ලාහ් අක්තාර් මොන්සූර් මුස්ලිම්වරුන්ගේ ඉද් උත්සවයට පෙර නිකුත් කළ නිවේදනයක මෙය දැක්වෙන අතර, සියලු තලේබාන්වරුන්ට එක්සත් වන ලෙසද එහි ඉල්කීමක් කර ඇත.
තාලේබාන් ආදිකර්තෘ මුල්ලා ඕමාර් 2013 වසරේ මිය ගොස් තිබුණද, ඔහුගේ මරණය තහවුරු වූයේ පසුගිය ජූලි මාසයේදීය. ඒ අනුව, නව නායකයා ලෙස මොන්සූර් පත්විය.
නායකත්වයක් නොමැතිව අරාජික වෙමින් පැවති තලේබාන් සංවිධානය යළි එක්සත් කිරීම ඔහු පත් කිරීමෙන් බලාපොරොත්තු විය.