තලේබාන් අත්අඩංගුවේ සිටි ඇමෙරිකානු පවුල නිදහස් වේ


ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය රඳවාගෙන සිටි උතුරු ඇමෙරිකානු පවුලක් නිදහස් කරගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත්ව තිබේ.

කැනේඩියානු ජාතික ජෝෂිවා බොයිලේ සහ ඔහුගේ බිරිඳ වන ඇමෙරිකානු ජාතික කයිට්ලාන් කෝල්මන් 2012 වසරේ ඇෆ්ගනිස්තාන සංචාරයක් අතරතුර තලේබාන් සංවිධානය විසින් පැහැර ගන්නා ලදී.

මෙම පැහැරගැනීම සිදුවන අවස්ථාවේදී ඔවුන්ගේ දරුවන් තිදෙනාද ඔවුන් සමග වූහ.

කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පාකිස්තාන ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී ඇමෙරිකාව විසින් ලබාදුන් ඔත්තුවකට අනුව මෙම පිරිස මුදාගැනීමට හැකි වූ බව සඳහන් වෙයි.

මෙය ඇමෙරිකානු හා පාකිස්තාන සබඳතා ශක්තිමත් වූ අවස්ථාවක් බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

1_kidnap

 



Recommended Articles