තලේබාන් හමුදාව විසින් පැහැරගෙන රඳවාගෙන සිටි ඇමෙරිකානු සෙබලා යළි ඇමෙරිකාවට භාරදෙන වීඩියෝව පසුගියදා ලොව පුරා මාධ්‍යයට නිකුත් කර තිබුණි.
වස පහක කාලයක් ඇෆ්ගනිස්ථානයේ, තාලේබාන් අත්අඩංගුවේ සිටි මොහු සාජන්ට් බෝව් බර්ඩ්ඩාල්ය.
ඇෆ්ගනිස්ථානයේ ඛෝස්ට් ප්‍රාන්තය වෙත පැමිණෙන ඇමෙරිකානු හෙලිකොප්ටරයට ගොඩවීම සඳහා තලේබාන් සංවිධානයේ සටන්කාමීන් පිරිසක් සමග පිකප් රථයකින් පැමිණෙන බෝව් එහි පසුපස අසුනේ අසුන් ගෙන සිටින අයුරු වඩාත් පැහැදිලිය.
මෙම ඇමෙරිකානු සෙබලා පසුගිය සෙනසුරාදා නිදහස් කරනු ලැබුවේ ග්වන්තනාමෝ බේ කඳවුරේ සිටි තලේබාන් සටන්කාමීන් පස් දෙනෙකු නිදහස් කිරීමේ හුවමාරුවක් ලෙසිනි.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව මේ වනවිට ඇමෙරිකාව තුළ දැඩි විවාදයකට ලක්ව ඇති අතර, රිපබ්ලිකන්වරුන් පවසන්නේ එය ඇමෙරිකානුවන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් බවය.