තමාවම ප්‍රවර්ධනය කරගෙන Google දඩකයි


ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කිරීමේදී තම සමාගම් ජාලයට අයත් වෙළෙඳ පොළ සැසඳුම් සේවා වෙත මුල්තැනක් ලබාදෙමින් සෙවුම් ප්‍රතිඵල ලබාදීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසම විසින් ඇ.ඩො.බිලියන 2.7ක දඩයක් ගූගල් සමාගම වෙත නියම කර තිබේ.

යුරෝපා කොමිසම විසින් වෙළෙඳ පොළ තත්ත්වයන් විකෘති කිරීමට කටයුතු කළ සමාගමකට එදාමෙදා තුර නියම කරනු ලැබූ ඉහළම දඩ මුදලද මෙය බව කියැවෙයි.

ඒ අනුව, ඉදිරි දින 90ක කාලය තුළ මෙම ක්‍රියාවලිය වහාම නවතා දැමිය යුතු ලෙස ගූගල් සමාගමට අවවාද කර ඇති අතර, එසේ නොකළහොත් ඔවුන්ට තවදුරටත් දඩමුදල්වලට යටත්වීමට සිදුවනු ඇති බවද යුරෝපා කොමිසම අනතුරු අඟවා තිබේ.



Recommended Articles