තමන්ද සමාජයේම කොටසක් ලෙස වැන්දඹුවෝ විරෝධතාවක


සැමියන් මිය ගිය පසු ඉන්දියානු කාන්තාවන්ව පවුල්වලින් ඉවත් කිරීම, හිරිහැරවලට ලක් කිරීම මෙන්ම ඔවුන් අවාසනාවන්ත බවේ සලකුණක් ලෙස සලකා සමාජයෙන් කොන් කිරීමට එරෙහිව උතුරු ඉන්දියාවේ සිට බටහිර බෙංගාලයේ කල්කටා නුවරට පැමිණි වැන්දඹු කාන්තාවන් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් බව වාර්තා වෙයි.

මේ ආකාරයෙන්, ඉන්දියාවේ දහස් ගණන් කාන්තාවන් සිය සැමියා මිය යාමෙන් පසු පවුලට මූල්‍යමය බරක්, අවාසනාවක් ලෙස සලකා නිවෙසින් පිටමන් කිරීම සිදුවන අතර, එසේ පවුල්වලින් ඉවත් කොට සමාජයෙන් කොන් කරනු ලැබූ වැන්දඹු කාන්තාවන් 20,000කට අධික පිරිසක් උතුරු ඉන්දියාවේ ජීවත්වන බවත්, ඔවුන්ගේ එකම ජීවිකාව සිඟමන පමණක් බවත් කියැවෙයි.

බෙන්ගාලයට පැමිණි වැන්දඹුවන් පිරිස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින්නේ එලෙස අසරණව සිටින වැන්දඹුවන්ට සහන සලසා දීමට කටයුතු කරන ලෙසයි.

 



Recommended Articles