ලොව සුපිරිතම හා වේගවත්ම පරිගණකය නිෂ්පාදනය කිරීමට චීනය සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
සන්වේ තායිහුලයිට් (Sunway TaihuLight) ලෙස නම් කර ඇති මෙම පරිගණක පද්ධතිය සතුව පරිගණක චිප 41,000ක් පවතින අතර, එයට තත්ත්පරයක කාලයක් තුළ ක්වඩ්‍රිලියන් 93ක හෙවත් ට්‍රිලියන 93 දහසක (1015) වේගයකින් යුතුව ගණනය කිරීම් සිදුකිරීමේ හැකියාවක් පවතින බව කියයි.
එය දැනට ලොව පවතින සුපිරි පරිගණක පද්ධතියේ ගණනය කිරීමේ වේගය මෙන් දෙගුණයක ඉහළ වේගයකි.
මෙවැනි සුපිරි වේගයක් සහිත පරිගණක පද්ධතියකින් අති සුවිශේෂී ගණනය කිරීම් සිදුකිරීමේ හැකියාව පවතින අතර, විශේෂයෙන්ම දශක කිහිපයක කාලගුණික වෙනස්වීම් හා රටාවන් පිළිබඳ අතිශය සංකීර්ණ දත්ත පිළිබඳ ක්ෂණික විසඳුම් ලබාදීමේ හැකියාව මෙවැනි පරිගණක පද්ධතියක් සතු බවද කියැවේ.
ඊසානදිග චීනයේ වූෂි නගරයේ සුපිරි පරිගණක මධ්‍යස්ථානය තුළ තායිහුලයිට් සුපිරි පරිගණක පද්ධතිය ස්ථාපිත කර තිබේ.