ඩොනල්ඩ් ට්‍රම්ප් හා නරේන්ද්‍ර මෝදි අතර හමුව අද සිදුවෙයි


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (26දා) ධවල මන්දිරයේදී සිදුවෙයි.

නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම හමුවට පෙර ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළෙහි සමාගම් 20ක ප්‍රධානීන් සමගද සාකච්ඡාවක නිරත විය.

ඉන් අනතුරුව, ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානුවන් මුණ ගැසුණු මෝදි අවධාරණය කර සිටියේ පාකිස්තානයේ ත්‍රස්ත මර්මස්ථාන වෙත පහරදෙමින් ඉන්දියාවේ ශක්තිය ලෝකයට පෙන්වීම නුදුරු දිනකදීම සිදුවනු ඇති බවයි.



Recommended Articles