ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් පලස්තීන කලාපයට එයි


දැඩි ආරක්ෂක රැකවල් මැද ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැදපෙරදිග සංචාරය අතරතුර ඊශ්‍රායලය හා පලස්තීන කලාපය වෙත පැමිණෙන බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාවේ ප්‍රධාන මිත්‍රයෙකු ලෙස සැලකෙන සෞදි අරාබියේ සිට ට්‍රම්ප් මෙසේ ඊශ්‍රායලය වෙත පැමිණෙමින් සිටියේ සෞදියේදී ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන් ඉදිරියේ ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමෙන් අනතුරුවය.

සංචාරය අතරතුර දින දෙකක නැවතුමේදී ඇමෙරිකානු නායකයා ඊශ්‍රායල් සහ පලස්තීන නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම, ඊශ්‍රායලය හා පලස්තීනය අතර අලුයට ගිනිමෙන් පවතින විරසකය වෙත යළි සාමය කැඳවීමේ ප්‍රයත්නයක ඇමෙරිකානු ජනාධිපතිවරයා නිරතවෙනු ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මීට පෙර ඇමෙරිකානු ජනපති ධුරය දැරූ බරැක් ඔබාමට වඩා, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත වැඩි ඇඟෑලුම් බවක් පවත්වන බවද විශ්වාස කෙරෙයි.



Recommended Articles