ඇමෙරිකානු ජනාධිපතිවරණයේ උණුසුම වැඩිවෙත්ම එහි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය බිඳ හෙලීම සඳහා වත්මන් පාලක පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ අනුග්‍රහයෙන් සිදුකළ හිරිකිත වැඩක් පිළිබඳ ස්වාධීන බටහිර මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඇමෙරිකාවේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිරුවත් පිළිරූ පිහිටුවීමට කටයුතු කිරීමේ පහත් ක්‍රියාවකි.
ප්‍රධාන දහරාවේ දේශපාලන ගැති මාධ්‍ය විසින් මේ ක්‍රියාව මහත් හරසරින් පුම්බා පෙන්නුම් කරමින් කියා තිබුණේ, ඉන්ඩික්ලයින් නමැති ක්‍රියාකාරීණ්ගේ එකතුවක් විසින් මෙම පිළිරූ නගරවල තැන්පත් කළ බවයි.
නිව්යෝක්, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ක්ලයිව්ලෑන්ඩ්, යන ප්‍රධාන නගරවල තැන්පත් කර තිබූ මෙම පිළිරූ ජනතා ආකර්ෂණය දිනාගත් බවත්, ඇමෙරිකානු සමාජයේ වඩාත්ම අපකීර්තිමත් දේශපාලඥයාගේ අප්‍රසන්න ආත්මය මෙම පිළිරූ මගින් හෙළිදරව් කිරීමට ඉන්ඩික්ලයින් ක්‍රියාකාරීන් කටයුතු කර ඇති බවත් ඒ දේශපාලන ගැති මාධ්‍යවල කියවුණි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ නවකයෙකු ලෙස බලවතුන්ට අභියෝග කරමින් පැමිණි ට්‍රම්ප් භූමිකාව හමුවේ හිලරි ක්ලින්ටන් මෙන්ම, වත්මන් ජනපති ඔබාමාගේද කුහක දේශපාලන නිරුවත මෙමගින් හෙළි කෙරුණු බව ස්වාධීන මාධ්‍යවල අදහස විය.
මෙම ක්‍රියාව සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර, ඔහු එරට පුද්ගල ජීවිත 13ක් බිලිගනිමින්, නිවාස 40,000ක අලාභානි සිදුකළ ලුසියානා ප්‍රාන්තයේ හදිසි ගංවතුර තත්ත්වය නිරීක්ෂණයට ගොස් තිබූ බව කියවුණි.