ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පහර පිට පහර


ඇමෙරිකානු රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බටහිර ප්‍රධාන දහරාවේ මාධ්‍ය නගන චෝදනාවල උච්චතම අවස්ථාව මේ වනවිට උදාවී ඇති බව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන්ම, ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග සෘජු සම්බන්ධතා දක්වන්නෙකු බව හුවා දැක්වීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට එරෙහිව නැගුණු චෝදනා රාජ්‍ය බලයේ අනුහසින් යටපත් වෙමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පහර පිට පහර ගැසීමක් දැකිය හැකි බව ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.

එහිදී, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයෙකු වෙත යුක්රේනයේ රුසියානු හිතවාදීන්ගෙන් මුදල් ගලා ඒමක් පිළිබඳ අනාවරණයක් කර ඇති අතර, මෙය අතිශයින්ම නිවැරදි දත්ත ගෙනහැර දක්වන හෙළිදරව්වකට වඩා එම මාධ්‍ය ආයතයන්ගේ දේශපාලන නිරුවත දිගහැරෙන්නක් බව චෝදනාවට ලක්වූ ට්‍රම්ප් උපදේශක පවසා තිබේ.



Recommended Articles