ඇමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක හා ප්‍රකට ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් ජාතිකයන් ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කළ යුතු බවට සිදුකර ඇති ප්‍රකාශය දැඩි විවේචනයකට ලක්ව තිබේ.
රිපබ්ලිකන්, ඩිමොක්‍රටික්, මුස්ලිම් නායකයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම බොහෝ විදෙස් රටවල රාජ්‍ය නායකයන්ද මෙවර මැතිවණයේ ඉදිරියෙන්ම කියැවෙන ට්‍රම්ප්ගේ අදහස දැඩි දෝෂදර්ශනයකට ලක්කරමින්, එය අතිශය භයානක හා රට දෙකඩ කරන අදහසක් බව පවසා තිබේ.
එහිදී, ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ බොහෝ මුස්ලිම්වරුන් ඇමෙරිකාව වෙත වෛරය වපුරුවමින් ඊට කිරි පොවන බවයි.
ඒ අනුව, ඇමෙරිකානු නියෝජිතයන්ට සිදුවන්නේ කුමක්ද යන්න සොයා බලන තුරුවත් මුස්ලිම්වරුන්ට ඇමෙරිකාව තහනම් කළ යුතු බව ට්‍රම්ප් පවසා තිබුණි.