නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ දකුණු අප්‍රිකානු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ පියතුමා තවත් පාර්ශ්වයක උදව්වෙන් තම ජීවිතය හිතාමතා අවසන් කරගැනීමේ අවසරය බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් වාර්තා පවසයි.
තමාට තවදුරටත් ජීවිත්ව සිටීමේ අවශ්‍යතාක් නොමැති බව සඳහන් කරමින් ටුටූ පියතුමා මෙසේ පවසා ඇත්තේ සිය 85 වැනි උපන්දිනය වෙනුවෙන් වොෂිංටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමිනි.
තවත් පාර්ශ්වයක (බොහෝ විට වෛද්‍යවරයෙකුගේ) සහායෙන් ජීවිතය අවසන් කරගැනීම පිළිබඳව ටුටූ පියතුමා මුලින්ම ප්‍රකාශ කර තිබුණේ වර්ෂ 2014 දීය. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී තමාගේ ජීවිතය එසේ අවසන් කරගැනීමක් පිළිබඳව ඔහු ඉඟි කර නොතිබුණි.
පසුගිය මාසයේදී ශල්‍යකර්මයක් වෙනුවෙන් ටුටූ පියතුමා රෝහල්ගතව සිටි බවද විදෙස් වාර්තා පවසයි.
"මම හිතන්නෙ යමෙක් දරාගන්න බැරි වේදනාවකින් පසුවෙනවා නම්, ඔහු හෝ ඇය තමාගේ ජීවිතයේ අවසාන භාගයට පැමිණ සිටිනවා නම්, සිය ජීවිතයට සමුදීමේ තෝරාගැනීම ඔවුන්ට ලබාදිය යුතුයි." හෙතෙම සඳහන් කර ඇත.
දකුණු අප්‍රිකාව තුළ මෙවැනි මරණ සඳහා විශේෂ නීති ප්‍රතිපාදනයක් නොමැති වුවත්, 2015 වසරේදී එරට අධිකරණයක් විසින් දරුණු ලෙස රෝගාතුරව සිටි පුද්ගලයෙකුට සිය ජීවිතයෙන් හිතාමතා සමුගැනීමට අවසර ලබාදුන්නේ, වෛද්‍යවරයෙකුගේ සහායෙන් ජීවිතයට සමුදීමේ අවස්ථාව පිළිබඳ එරට තුළ ප්‍රථම අවස්ථාව ලබාදෙමිනි.