2014 වසරේදී ඩෙන්මාර්ක කාන්තාවක් දිල්ලියේදී සමූහ දූෂණයකට ලක්කළ ඉන්දියානුවන් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබේ.
සංචාරකයෙකු ලෙස ඉන්දියාවට පැමිණි 52 හැවිරිදි කාන්තාවට පිහියක් පෙන්වා ඇය සතු සියලු වටිනා දේ පැහැරගෙන පසුව ඇය සමූහ දූෂණයට ලක්කර තිබුණේ 2014 ජනවාරි මාසයේදීය.
මෙම අපරාධයට සැකපිට පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඉන් තිදෙනෙකු බාලවයස්කරුවන් වූහ. එමෙන්ම, තවත් සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, බලවයස්කරුවන් විශේෂ අධිකරණයකදී අත්අඩංගුවට පත්කෙරිණි.
2012 වසරේදී බස් රථයක් තුළදී ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කර මරා දැමීමත් සමග එරට තුළ කාන්තා හිංසනය සම්බන්ධයෙන් බලවත් කතාබහක් ඇති වුවත්, වරින් වර මෙවැනි සිදුවීම් එරටින් වාර්තා විය.